ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පළාත් සභා මන්ත්‍රීධුර ලැබූ තවත් තිදෙනෙක් එළඹෙන සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.
එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශාපාලන පක්‍ෂවල ඉදිරි පෙල නියෝජිතයන් 51 දෙනෙකුද ඒ සමඟ ශ‍්‍රීලනිපයට එක් වීමට නියමිත බවත් මේ වන විටත් ඔවුන් ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
පසුගියදා මාතරදී පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළිකර සිටියේය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ සතුවූ දක්ෂතම සංවිධායකයින් පිරිස මේ වන විට ශ්‍රීලනිපය හා සම්බන්ධ වී ඇති බවත් ඔවුන් හරහා ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන් දීපව්‍යාප්තව ශ්‍රීලනිපය වෙත සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙලක් ද දියත්ව ඇති බවද වාර්තා වෙයි.

