ශ්‍රී ලංකා රජය විසින් දූෂණය මැඩලීම සඳහා ලබා දී ඇති ප්‍රතිඥා අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඩිජිටල් මෙවලමක් ඊයේ (15) ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය විසින් එළිදක්වන ලදී.
2016 වසරේ මැයි මස ලන්ඩන් නුවරේදී පැවති දූෂණ විරෝධී සමුළුවේදී රාජ්‍යයන් 43ක් හා ජාත්‍යන්තර සංවිධාන 6ක් එක්ව දූෂණයට විරුද්ධව ගෝලීය ප්‍රකාශනයක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එම සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද, පුළුල් ප්‍රතිඥා කිහිපයක් ප්‍රකාශයට පත් කළේය.
TISL ආයතනය විසින් හඳුන්වාදුන් ඩිජිටල් මෙවලම (tracker) තුලින් ප්‍රධාන ප්‍රතිඥා 3ක ප්‍රගතිය සමාලෝචනය කිරීමේ හැකියාව මහජනතාව වෙත ලබාදී ඇත.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ක්‍රියාවට නැංවීම, මහා පරිමාන දූෂණ හා මුදල් විසුද්ධිකරණයට එරෙහිව ක්‍රියා කිරීම හා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම, මෙම ප්‍රතිඥා 3 වේ. මෙම පුළුල් මාතෘකා 3 තවදුරටත් උප ශීර්ෂ 47ක් යටතේ විදහා දක්වා ඇත.
ඩිජිටල් මෙවලම එළිදක්වමින් TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ - "තමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද දූෂණ විරෝධී ප්‍රතිඥා ඉෂ්ට කිරීමට සහ ආණ්ඩුවේ වගවීම තහවුරු කිරීම සඳහා මෙම ඩිජිටල් මෙවලම තුලින් පෙළඹවීමක් ඇති කරනු ඇතැයි අප බලාපොරොත්තුවේ.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ක්‍රියාවට නැංවීම රටේ ව්‍යවස්ථාව මගින් සහතික කිරීම තුලින්, ශ්‍රී ලංකාව විශේෂිත ස්ථානයක් හිමි කරගෙන තිබේ.
දුෂණය තවමත් රටේ ප්‍රධාන මාතෘකාවක් ලෙස පවතින පසුබිමක, දූෂණයට විරුද්ධ සටනේ සියලු කොටස්කරුවන්ට තමන්ගේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට මෙම ඩිජිටල් මෙවලම උපකාරී වනු ඇති බව අපගේ අපේක්ෂාවයි".
www.tracker.tisrilanka.org වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ඩිජිටල් මෙවලම භාවිතා කළ හැක.

