අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීම නිසා ආණ්ඩුව රත්වෙයි 

අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීම නිසා ආණ්ඩුව රත්වෙයි 

මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මහජන බැංකුව සහ ලංකා බැංකුව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අයත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත්වන අතර ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය අයත්වන්නේ සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයටය.

ඒ අනුව වාර්තා වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් ගත් තීරණය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසිමට තීරණය කර ඇති බවය.

යහපාලන රජයේ එක්සත් ජාතික  පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු දෙදෙනෙකු යටතේ  ක‍්‍රියාත්මක වන ආයතන තුනක අදාළ අමාත්‍යවරුන් විසින් පත්කරන ලද  අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරිම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මෙම රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළද ඊයේ (18) රාත්‍රීය වන තුරු ඒවායේ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්වීමක් හෝ ඉල්ලා අස්වීමක් හෝ  සිදු නොවූ බවද  වාර්තා වේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ ඊයේ (18) එම තනතුරින් ඉවත් කර ඇතැයිද  රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න