ජනපති තරගයට බැසිල් වැඩ

ජනපති තරගයට බැසිල් වැඩ

ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරඟයට බැසිල් රාජපක්ෂ අවතීර්ණ වී ඇති බවත්, ඒ සඳහා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මොඩලයේ විද්වතුන් එක් රැස්කර සම්මන්ත්‍රණ පැවැත්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විද්වත් සංවිධානයක් ආරම්භ කර එහි ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් 14 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේ පවත්වා ඇත. ගෝඨාභය රාජපක්ෂගේ එළිය හා වියත්මඟ සම්මන්ත්‍රණ මෙන් පොදුජන ඉංජිනේරු පෙරමුණේ සම්මන්ත්‍රණ මාලාවක් ඉදිරියේදී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රටේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට තීරණය කර ඇත. එම රැස්වීමට සහභාගි වූ කථිකයන් විසින් යුද්ධය අවසාන කිරීම සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට ස්තූතිය පළ කරමින් අදහස් පළ කර ඇතත් ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කිසිදු සඳහනක් කර නැත. බැසිල් රාජපක්ෂ විසින් රටේ විශාල සංවර්ධනයක් සිදු කළ බවත්, රටේ අනාගත සංවර්ධනයට නායකත්වය දීම බැසිල් රාජපක්ෂ විසින් සිදු කළ යුතු බවත් එහිදී කියා ඇත. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයකු පැවසුවේ මහින්ද රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂව ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවත්, එමෙන්ම ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවයි.
 
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න