භාරකාර ආණ්ඩුව කල් යයි !

භාරකාර ආණ්ඩුව කල් යයි !

භාරකාර ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක්  නොලැබීම හේතුවෙන් කල්ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රීලනිප ප්‍රභලයකු මේ පිළිබඳ අනිද්දා සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බලය දිනා ගැනීමේ අපහසුව හා ආණ්ඩුවේ වෙනත් පාර්ශවයන්ගේ බලපෑම නිසා භාරකාර ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා තාවකාලිකව කල් දැමීමට සිදුව ඇති බවයි.

රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි ආණ්ඩුවේ ප්‍රභලයන් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට එරෙහිව අදහස් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා සමග අදහස් දක්වා ඇත.

ඔක්තෝම්බර් 16 වැනිදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ කණ්ඩායම විසින් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ඉල්ලා එවා ඇති ලිපියක් මධ්‍යම කාරක සභාව වෙත සභාගත කිරීම පමණක් සිදුව ඇති බව එම ප්‍රභලයා කීය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයකු මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය සමග සාකච්ඡා තාවකාලිකව නතර වී ඇති බවයි. එසේ වුවද ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය අවසන් වී නැති නිසා කල්ගතවී හෝ භාරකාර ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අපේක්ෂාව අත්හැර දමා නැතැයි ඔහු කීය
 
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න