නාමල් කුමාර - ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකායේ වැඩ (සාක්ෂි මෙන්න)

නාමල් කුමාර - ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකායේ වැඩ (සාක්ෂි මෙන්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ නාමල් කුමාර නැමැත්තා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකාය යටතේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කර ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළව 2016 ජුනි 29 වනදා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි විසින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට යවන ලද ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයෙන් යුතු ලිපියක් newstube.lk  වෙත ලැබී තිබේ. පහත දැක්වෙන්නේ ඊට අදාළව නිකුත්කර තිබෙන ලිපියයි.

leet
අප වෙත වාර්තා වී ඇති විශ්වාසවන්ත තොරතුරු වලට අනුව මේ වන තුරුත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හෝ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ කිසිඳු ජාතික බුද්ධි සේවයක් අනාවරණය කරගෙන හෝ එවැන්නක් ගැන හෝඩුවාවක් හෝ සපයා නැත. විශේෂයෙන් පසුගිය යුධ සමයේ ශක්තිමත් කළ මෙරට හමුදා බුද්ධි අංශ වෙතින් ගැලවී එවැනි ඝාතන කුමන්ත්‍රණයක් තබා සෙල්ලම් ගෙයක්වත් හැදීමට අවස්ථාවක් නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න