රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන  මහතා  ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇති බවත් එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවත්  එම  දෙපාර්තමේන්තුව ඊයේ  (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න හමුවේ ප්‍රකාශ කර ඇත.

කප්පන් ලබාගැනීම වෙනුවෙන් තරුණයන්  11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට  සම්බන්ධ නඩුව ඊයේ  (19) යළි අධිකරණය හමුවේ  කැඳවු  අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර සිටියේය.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සැගවී සිටීමට ආධාර අනුබල දුන් අය සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළ බවද වාර්තා වෙයි.

රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට  දන්වා ඇත්තේද ඒ අනුවය.
මේ අතර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට විදේශ ගතවීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සදහා ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලක්සිරි අමරසිංහ යන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න