රනිල් ඉන්දීය කොන්ග්‍රස් නායකයන් හමුවෙයි !

රනිල් ඉන්දීය කොන්ග්‍රස් නායකයන් හමුවෙයි !

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි  අතර 19 වන දා නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමුවූ බව වාර්තා වෙයි.
කොන්ග්‍රසය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා යන මහත්ම මහත්මීන්  මේ සාකච්ඡාවට එක්ව ඇති අතර  අතර කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව කරුණු දැන ගැනීමට කොන්ග්‍රස් නියෝජිතයන්  උනන්දුවූ බවද වාර්තා වෙයි.

එසේම අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු සඳහන්වී ඇත.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ අතර, ඔවුහු ස්තුති පූර්වකව ආරාධනාව පිළිගත් බවද වාර්තා වෙයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

20 වන දා නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.{gallery}rahul-g{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න