‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටිනවා - එන්. රාම්

‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටිනවා - එන්. රාම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමට ඉන්දියාවේ ‘රෝ සංවිධානය’ උත්සාහ කරනවා යන ශීර්ෂය යටතේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තම වාර්තාකරිනිය සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බවත් සමාගමේ සභාපති එන්. රාම්  එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ. 

ඉන්දියාවේ රෝ සංවිධානය තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න  එම පුවත් වාර්තා අසත්‍ය යැයි අවධාරණය කර තිබිණ. එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යලයද   ඊට අදාළව  නිවේදනයක්  නිකුත් කර තිබිණ.

‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

“අපේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය තම පුවත වාර්තා කිරීමට පෙර ස්වාධීන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින්ම තමන් ලද තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා.

ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් කරන්නට ඉඩ දෙන්න.  කරන ප්‍රකාශ නිසා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. එහෙත් අපි අපේ  වාර්තාකාරිනිය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවත වෙනුවෙන් පෙනි සිටිනවා”. 

 එම ට්වීටර් නිවේදනය පහත දැක්වේ.Captureram

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න