ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ නොසිටිය යුතු බවට ජනාධිපතිවරයා මේ වන විටත් පවසා ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මීගොඩ බටවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එක්සත් ජාතික පක්ෂයේද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කලකිරුණු පිරිසක් සිටින බවත් එහිදී පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියෙදී ජනාධිපතිවරයා විසින් වැදගත් දේශපාලන තීරණයක් ගනු ඇති බවද සඳහන්කර ඇත.

