ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිට සහ කතානායකට රහසිගත දැනුම්දීමක්  !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිට සහ කතානායකට රහසිගත දැනුම්දීමක්  !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබද විශේෂ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පරීක්ෂා කිරීමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා හා කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කරයි.

සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත  විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගය පවත්වා ඇත.

මේ වන විට  පාර්ශව හතක් විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එහිදී පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා තිබුණේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහෝමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වන බවයි.

මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණි.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දන්වා සිටියේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය වගන්තිවලින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩවීමක් සිදු නොවන බවයි.

යෝජිත පනත් කෙටුම්පත මඟින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ  අයිතිය සහ නිදහසේ රැස්වීමේ අයිතිය කිසිසේත්ම උල්ලංඝනය නොවන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා ඇත.

පෙත්සම් පිළිබඳව විභාගය ඊයේ  (23) දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ලිඛිත දේශන තිබෙන ඒවා හෙට  (25) පෙරවරු 10.00 ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වෙත  ඉදිරිපත් කරන්නැයි පාර්ශවකරුවන්ට දැනුම් දුන් විනිසුරුවරු ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ජනාධිපතිවරයාට හා කතානායකවරයා වෙත යොමු කරන බවද නිවේදනය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න