ශ්‍රී ලංකා ක්‍රිකට් : හිටපු මුල්‍ය ප්‍රධානියා නොවැම්බර් 1 දක්වා හිරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් : හිටපු මුල්‍ය ප්‍රධානියා නොවැම්බර් 1 දක්වා හිරේ

රහස් පොලිසිය මඟින් අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා නොවැම්බර් මස 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින්  අත්අඩංගුවට ගත්  සැකකරු ඊයේ (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  ඉදිරියට පමුණුවනු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන  01  වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර තිබේ.

ක්‍රිකට් තරගාවලියක රූපවාහිනී ප්‍රචාරක අයිතිවාසිකම ලබා දීමෙන් ලැබුණු  ඇමරිකානු ඩොලර් 187084  ක මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකොට වෙනත් ගිණුමකට බැර කිරීම තුළින් එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම  සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න