එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන යහපාලන රජය කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත කර ගත්තා යැයි විරුද්ධවාදීන් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
රට දැය වෙනුවෙන් ජීවිත පූජාකළ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, හසලක ගාමිණී යන නායකයින් සහ රණවිරුවන්ට වන්දි ගෙවීම එල්. ටී. ටී. ඊ. ත්‍රස්තයින්ට වන්දි ගෙවීමක්ද කියා තමන් ප්‍රශ්න කරන බවත්, යුද්ධය නිසා මෙරට දේශපාලන නායකයින් මෙන්ම අහිංසක ජනතාව ඝාතනයට ලක්වූ අතර ඔවුන්ට වන්දි ගෙවීමද දේශද්‍රෝහී ක්‍රියාවක්ද කියා තමන් එම චෝදනා නගන පුද්ගලයින්ගෙන් අසන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තයින්ට වන්දි ගෙවනවා යැයි පවසමින් විරුද්ධවාදීන් අලංකාර ආකාරයෙන් පනත කණපිට පෙරළා රට විකුණන බවත්, බලයට කෑදරකමින් ඔවුන් ජනතාවගේ මනස විකෘති කර අධිවේගී මාර්ගයෙන් නැවත ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට යාමේ උත්සහයක නිරත වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, පල්ලෙමලල ප්‍රදේශයේ ඉදිවන “සෙවණමාතාගම”, “සෙත්මිණිමව්ගම”, “සදාමාතාගම”, “සිරිදෙගුරුගම”, “සිත්මව්නෙත්ගම”, “සියත්මාගම”, “සපිරිසෙත්ගම” සහ “සත්නෙත්මාගම” යන උදාගම්මාන 8 ට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (24) දින සහභාගී වෙමිණි.
‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1437, 1438, 1439, 1440, 1441, 1442, 1443 හා 1444 යන ආදර්ශ ගම්මාන මේවා වේ. එක් ගම්මානයක නිවාස 25 බැගින් මෙම උදා ගම්මාන 8 හි නිවාස 200 ක් ඉදිවේ.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිණියගේ ඡන්ම දිනයට සමගාමීව මෙම උදා ගම්මාන 8 ට මුල්ගල තැබිණි.

