STSS: මාංශ දියකරහරින මාරාන්තික වෛරසයක් !

STSS: මාංශ දියකරහරින මාරාන්තික වෛරසයක් !

පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකිවන ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.

මෙම වෛරසය දැනටමත් පුද්ගලයින් 500 දෙනෙකුට වැඩි පිරිසකට ශරීරගතවී ඇතැයි සදහන් වේ.

1999 වසරේදී මෙම වෛරසය මුලින්ම ජපානයෙන් සොයා ගැණේ.

වෛරසය ආසාධිත වූවන් 66 දෙනෙකු ටෝකියෝ නගරයෙන් ද, කනගාවා නගරයෙන් 44 දෙනෙකුද වාර්තාවී ඇති බව පැවසේ.

එස්.ටී.එස්.එස් (STSS) යන නමින් හඳුන්වන මෙම වෛරසය ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් වන පෙනහළු, වකුගඩු, හෘදය දක්වා පැතිර ගියහොත් පුද්ගලයෙකු පැය කිහිපයක් ඇතුළත මරණයට පත්වන බව වාර්තා වේ.

ශරීරයේ තුවාලයක් සිදුවීමෙන් මෙය ශරීරගතවන බවට විශ්වාස කෙරේ.

එහෙත් එය නිශ්චිතව තහවුරු කිරීමට විද්‍යාඥයින් සමත්ව නැත. උණ, හිසරදය, වමනය, ශරීරයේ වේදනාවන් ආදිය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න