ජනාධිපති යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියටත් දුෂණ චෝදනා

ජනාධිපති යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියටත් දුෂණ චෝදනා

මධ්‍යම පරිසර අධිකාරියේ දුෂණ සහ අක්‍රමිකතා රැසක් සිදුවෙමින් ඇති බවට ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන නිලධාරියා එම ධුරය දැරීම සඳහා අවශ්‍ය නියමිත සුදුසුකම් සපුරා නැති අයෙකු වීම සහ අධිකාරියේ නිළධාරීන් 130 දෙනෙකුට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව වැටුප් වර්ධක ලබා දීම ඇතුළු චෝදනා රැසක් ඒ අතර වෙයි.

වාර්තා වන ආකාරයට මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන නිලධාරියා එම ධුරය සඳහා සුදුසුකම් සපුරා නැතත් ඔහුට හිමිනොවන වැටුප් වර්ධකයන්ද ගෙවීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත. එම සාවධ්‍ය ගෙවීමේ හේතුවෙන් මේ වන විට රජයට රුපියල් 1,619,200 ක පාඩුවක්ද සිදුව ඇති බවද වාර්තා වෙයි.

මෙම නිලධාරියා අදාළ තනතුරෙහි පිහිටුවා ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ වුවත් මේ වනතෙක් ඔහු සම්බන්ධ කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට වත්මන් යහපාලන ආණ්ඩුවද ක්‍රියාකර නොමැති බවද වාර්තා වෙයි.

වඩාත් විශේෂ කාරණය වන්නේ මෙම පුද්ගලයා අදාළ තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බව මෙන්ම ඔහු වෙනුවෙන් ලබාදී ඇති සාවධ්‍ය වැටුප් වර්ධක ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව 2017 සැප්තැම්බර් 19 වනදා විගණන විමසුවක්ද නිකුත් කර ඇති නමුත් මේ දක්වාම එම සේවකයා සම්බන්ධව කිසිඳු පියවරක් නොගැනීමය.

කෙසේ වුවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාව ලිඛිතව දැනුවත් කිරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ යවනුලැබූ ලිපිය සහ විගණන විමසුම පහත දැක්වේ.

කියවන්න

 පාරිභෝගික අයිතීන් සුුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න