සිරිසේනට ජාත්‍යන්තරයෙන් රතු එළි : GSP + අහිමිවීමේ අවධානමක් !

සිරිසේනට ජාත්‍යන්තරයෙන් රතු එළි :  GSP + අහිමිවීමේ අවධානමක් !
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ  ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුව ඇත.
 ඊයේ (29)  යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් - ලායි - මාග්‍යු සිරිසේන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙන බවද වාර්තා වෙයි.
එහිදි තානාපතිවරයා අවධාරණය කර ඇත්තේ  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව යමින් ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට පිළියම් යොදන ලෙසයි. යම් විදියකින් මේ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුණොත් යුරෝපා සංගමය යළිත් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන බව ටුන්ග් ලායි මාග්‍යු මහතා කියා සිටි බවද වාර්තා වෙයි.
මානව හිමිකම් උල්ලංඝනය වීම් හා නීතියේ ආධිපත්‍යයට හානි සිදුවීම නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමිවූ අතර නමුත් යහපාලන රජය පත් වූ පසු අගමැති වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට යළිත් GSP+ බදු සහනය ලබා ගැනීමට හැකි විය. 
GSP+ බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන ගණනින් අඩුවීමේ පැහැදිලි අවදානමක් පවතී.  මේ වන විටත් රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙවැන්නක් සිදු වීම රටේ අනාගතයට ඵලදායී නොවන බව ආර්ථික විශේෂඥයන්ගේද මතය වී තිබේ.
සිරිසේන ජනාධිපතිවරයා හිතුවක්කාරී සහ අත්තනෝමතික ලෙස සිය බලය අවභාවිත කිරිම හමුවේ යුරෝපා හවුලේ දෙවැනි නිවේදනය ඊයේ (30 ) පෙරවරුවේ නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න