කුමන්ත්‍රණ ආණ්ඩුවේ  මාධ්‍ය ප්‍රකාශකගේ පුතා උසාවිය මඟහරියි

කුමන්ත්‍රණ ආණ්ඩුවේ  මාධ්‍ය ප්‍රකාශකගේ පුතා උසාවිය මඟහරියි

අපරීක්ෂාකාරීව රිය අනතුරක් සිදු කරමින් යතුරුපැදිකරුවකු හප්පා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂාන් රමිත් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා අද (30) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාල නඩුව අද (30) කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු අද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරන්ජන් ඊරියගොල්ල මහතා අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කළේ සැකකරු අසනීපයෙන් සිටින බවයි.

නමුත් ඊට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම මත මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

නව රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඊයේ (29) පත් කළ කෙහෙළිය රඹුක්වැල්ල රමිත්ගේ පියාය.

මූලාශ්‍රය - ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න