ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් වන ගිවිසුම තවත් වසරක කාලයක් සඳහා දිගුකරන ලෙස හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිප මධ්‍යම කාරකසභිකයන් හට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පලකල අතර ඒ හමුවේ දෙසැම්බර් 31 වනදායින් පසුව ආණ්ඩුවෙන් ඉවත්වන බවට ශ්‍රීලනිප පාර්ශවයේ ඇතැමුන් කියන කතා විශ්වාස කල නොහැකි බවද ඔහු පැවසීය.
කෙසේ වුවත් එළඹෙන 31 වනදා ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධව මාධ්‍ය වෙතින් කරුණු විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ ඒ පිළිබඳ තීරණය මැතිවරණයෙන් පසුව ගැනීම සඳහා කල්තබා ඇති බවය. එසේම පොදුජන පෙරමුණ සමඟ එකතුවීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර එහිදී කිසිඳු පක්ෂයක් සමඟ එක්වීමක් පිළිබඳ තීන්දුවක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

