ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දින ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම වාර්තාවේ නිර්දේශමත පදනම්ව ඊට වගකිවයුතු පාර්ශව ඇත්නම් තරාතිරම නොබලා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සඳහන් කර තිබිණ.
පසුගියදා හිටපු අමාත්‍ය රවී කරුණානායකද සඳහන් කර තිබුණේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ඒ බව ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්වීමෙන් පසුව තහවුරුවනු ඇති බවත්ය.
එසේම මේ වන විට ශ්‍රීලනිපය නියෝජනය කරමින් ආණ්ඩුවට සම්බන්ධවී සිටින පාර්ශව අතරද අදාළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මත පදනම්ව තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගතයුතු බවට අදහස් පලව තිබිණ.
කෙසේ වුවත් අප මේ සම්බන්ධව රජයේ පාර්ශව කිහිපයක් වෙතින් අදහස් විමසු අවස්ථාවේ ඔවුන් සඳහන් කර සිටියේ මේ බොහෝදුරට මේ සතිය තුළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වනු ඇති බවට විශ්වාසයක් ඇතත් නිශ්චිත දිනයක් තමන් වෙත දැනගන්නට ලැබී නොමැති බවය.

