ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යභාවයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා ඒබව සඳහන් කළේය.
රජයේ වැඩපිළිවෙළ අනුමත නොකරන සියලු දෙනා පොහොට්ටුවට ඡන්දය ලබා දියයුතු බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.
ශ්‍රීලනිප - ඒකාබද්ධය වෙනම තරග කළත් බලය පිහිටුවන්නේ එක්‌වෙලා - සුසිල්
මේ අතර විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් වෙන්වෙන්ව තරග කළද ඡන්දයෙන් පසු පක්‍ෂ දෙක එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවයි.
හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (27 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.
''ඔවුන් වෙනම තරග කළද එම සියලුදෙනා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් හැටියටයි. ඒ නිසා මැතිවරණයෙන් පසු පළාත් පාලන බලය පිහිටුවීමට දෙපාර්ශවයටම කිසිදු බාධාවක් නැහැ.
ඉතිහාසයේ කිසිම අවස්‌ථාවක ප්‍රගතිශීලී කඳවුරු බිඳලා ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ නැහැ. එනිසා වෙන්වෙන්ව තරග කළද එහි වාසිය කිසිකෙනෙකුට ගත නොහැකියි.
මැතිවරණයට පෙරම පක්‍ෂ දෙක එකතුවීමට සාකච්ඡා පැවැත්වූවා. අවාසනාවකට එය බිඳවැටුණා. එහෙත් මැතිවරණයෙන් පසු බලය පිහිටුවීම සඳහා යළි එකතුවීමට හැකියි. ඉතිහාසයේදීත් ප්‍රගතිශීලී පක්‍ෂ එකතුවී පුටුව ලකුණින් තරග කර බලය පිහිටුවූ අවස්‌ථා තිබෙනවා.''

