වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත.
එම සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා පැවසුයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ වාර්ෂික සුහද හමුවේදී මෙම ආචාර ධර්ම මාලාව ප්‍රකාශයට පත්කරන බවයි.
කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම සුහඳ හමුවට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගිවීමට නියමිතය.
වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ මගපෙන්වීම සඳහා මෙම ආචාර ධර්ම මාලාව හඳුන්වා දෙන බව ෆ්‍රෙඩි ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
