වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ අත්තනෝමතික ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ උගත් බුද්ධිමතුන්ගේ ද විරෝධය පළවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතට විඩියෝවක් මුදා හැර ඇති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන 2015 ජනාධිපති අපේක්ෂකයා වූයේ කිසිදු පක්ෂයක් නියෝජනය කරමින් නොව පොදු අපේක්ෂකයකු ලෙස බවයි. එදා ඔහු විහාර මහාදේවි උද්‍යානයේ දී රටේ ජනතාව වෙත ලබා දුන් ප්‍රතිඥාව උල්ලංඝනය කිරීම ඉතිමත් අශ්ලීල ක්‍රියාවක් බව හෙතෙම පවසයි.
ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ව්‍යවස්ථාමය නෛතිකභාවය කෙසේ වුව ද රට අගාධයකට ඇද දැමූ, භීෂණය රජ කරවූ මහින්ද රාජපක්ෂට මේ ආකාරයට බලය පැවරීම දැවැන්ත පාවාදීමක් බව යි. ව්‍යවස්ථානුකූලව වුව ද අගමැතිතනතුර බාරදෙන්නට එදා දේශපාලනයට පිවිසි අය අතුරෙන් වුවමනා තරම් දේශපාලනඥයෝ සිටිය දීම මහින්ද රාජපක්ෂට එය පැවරීම ඉතාමත් නින්දිත ක්‍රියාවක් බව ද නිර්මාල් මහතා ප්‍රකාශ කරයි.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ විඩියෝව මෙතැනින් නරඹන්න.

