පිල් මාරු කළ මැති ඇමතිලාට අත්තිකාරම් විතරයි : ඇමතිකම් සති දෙකයි !

පිල් මාරු කළ මැති ඇමතිලාට අත්තිකාරම් විතරයි : ඇමතිකම් සති දෙකයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් එකතුවන එක් මන්ත්‍රීවරයෙකුට අත්තිකාරම වශයෙන් ගෙවා ඇත්තේ රුපියල් කෝටි 5ක් පමණක් බව වාර්තා වෙයි.

එක් අයෙකුට රුපියල් කෝටි  30 කට ආසන්න ලංසුවක් මේ මැති ඇමති පිල් මාරුව සඳහා  යෝජනා කර තිබුණත් අත්තිකාරම් මුදල හැර ඉතිරි මුදල ලබාදෙන දිනයක් මෙතෙක් දන්වා නොමැති බවද දැනගන්නට ඇත.
එසේම මේ බව සුරේෂ් වඩුවේල්, මෙන්ම දුනේෂ් ගන්කන්ද යන අමාත්‍යවරුන්ගේ සමීපතමයන් ද  තහවුරු කර සිටියි.
පොරොන්දු වූ මුදල ලබානොදීම සම්බන්ධව විමසීමේදී තැරැව්කාර බැසිල් - ඩඩ්ලි සමාගම ඉතා ඉක්මනින් ඒ මුදල් දෙන බවත් එතෙක් අමාත්‍යධුර හරහා අඩුපාඩු පිරිමසා ගන්නා ලෙස දන්වමින් දුරකථන විසංදි කරන බවද මෙම එක් අමාත්‍යවරයෙකුගේ හිතවතෙකු සඳහන් කර ඇත.
මේ සම්බන්ධව මේ වන විටත් පිල්මාරු කළ පාර්ශව බලවත් අප්‍රසාදයකින් පසුවන අතර සතුටින් සිටින එකම පිල් මාරුකළ අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ බව ඔහුගේ හිතවතෙකු newstube.lk  වෙත පැවසීය. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ පසුගිය කාලයක් පුරාවට විජේදාස අමාත්‍යවරයා පෙනී සිටි ව්‍යාපාරිකයා මේ පිල් මාරුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පෙර සිට වෙන්කර තිබීමය.
 
සති දෙකක් තුළ මැතිවරණයකට සූදානම් වෙන්න - බැසිල් පොහොට්ටුවට දන්වයි 

තවද පොදුජන පෙරමුණට සමීප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කඩිනමින් මැතිවරණයකට යාමේ සුදානමක් ඇති බැවින් ඒ සඳහා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පුළුල් කරන ලෙසට නියෝගයක් බැසිල් රාජපක්ෂ විසින් නිකුත් කර ඇති බවය.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ සාමාජිකයන් බඳවා ගැනීම් සිදුකරන ලෙසත් කිසිඳු අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පෙනී නොසිටින ලෙසද එහිදී දැනුම්දී ඇති බව දැනගන්නට ඇත. මේ වන විටත් පිහිටුවා තිබෙන ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීම දුෂ්කරව ඇති බැවින් සති දෙකක් තුළ වුවත් ජාතික මැතිවරණයකට යාමේ තත්ත්වයක් පවතින බවද බැසිල් රාජපක්ෂ මහතා නිකුත් කල උපදෙස් වල සඳහන් බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න