කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය යළිත් කෙළෙසයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය යළිත් කෙළෙසයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා සුළුතරයක් රහසේ හමුවී පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන පත්කර ගැනීම නීති විරෝධී බව නිල ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කරයි.

අද (03)  නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එය පහත දැක්වේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑම ධූරයක් සඳහා හෝ පත් කිරීම් සිදු කළ යුතු වන්නේ බහුතර එකඟතාවය අනුවය.

බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාත්ත්‍රවාදයට පමණක් නොව සම්ප්‍රදායන්ටද අනුකූල නොවේ.

ඊයේ (02 වන දා) කතානායකතුමා හමුවූ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස පත් කිරීම පිළි නොගන්නා බව ප්‍රකාශ කළහ. එවන් පසුබිමෙක, මේ පත්වීමේ නිවේදනය නීති විරෝධී බව අවධාරණය කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න