TNA  නිල තීන්දුව මෙන්න : කුමන්ත්‍රණ ආණ්ඩුව හාන්සියි !

TNA  නිල තීන්දුව මෙන්න : කුමන්ත්‍රණ ආණ්ඩුව හාන්සියි !

පසුගිය ඔක්තෝබර් මස 26 වන දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නිල තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන ඇති අතර ඒ සම්බන්ධව නිල නිවේදනයක් නිකුත් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

ඊට අනුව ඔවුන් ගෙන ඇති තීන්දු මෙසේය.

1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත.
19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට තිබූ එම බලය, 19 වන සංශෝධනය මගින් පැහැදිලිවම ඉවත්කරන ලදී.
එබැවින් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් පහකරන බවත්, වෙනත් කෙනෙකු අග්‍රාමාත්‍ය  තනතුරට පත්කරන බවත්, සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන ප්‍රකාශයට පත්කරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා නීති විරෝධී ක්‍රියාවන් වේ.

2.ඉහත ක්‍රියාවෙන් පසු පාර්ලිමේන්තු සැසිය කල්තබා ඇති බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය ද දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානියක් ගෙනදෙන ක්‍රියාවක් ලෙස දකී.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශකර, පාර්ලිමේන්තුවේ දී ඔහු විසින් බහුතරය පෙන්වීම ප්‍රමාද කිරීමට ගත් ක්‍රියාවක් ලෙස මෙම කල්මැරීම සඳහන් කිරීමට පුළුවනි.

මෙලෙස කල්දමා අමාත්‍ය  තනතුරු හා මුදල් අල්ලස් වශයෙන් ලබාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පිලට නීති විරෝධී ලෙස ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය කපටි ලෙස ලබාගැනීමේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව දෙමළ ජාතික සන්ධානය දැඩි ලෙස හෙලා දකින අතර සිය ඊට විරෝධයද ප්‍රකාශ කර සිටී.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා ද මෙම කුමන්ත්‍රණයට හසුවීම දැඩිලෙස හෙලා දකින අතර, ඊට සිය විරෝධය ද ප්‍රකාශ කර සිටිමු. 

ඔහුට විරුද්ධව වහාම නිසි ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වෙමු.

3.ඉහත හේතූන් නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි දෙස උල්ලංඝණය කරමින්, නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂථ ප්‍රමුඛ රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂ ව දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය භාවිතා කරනු ඇත.
මෙවන් අවස්ථාවක “මධ්‍යස්ථව සිටීම” යනු අරාජිකත්වය ජයගැනීමට ඉඩදෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් යන්න අපගේ ස්ථාවරය වේ.

අදාළ නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න