ජනමාධ්‍ය විෂය සියල්ල සිරිසේනට : කෙහෙළියට කාමරයක් විතරයි !

ජනමාධ්‍ය විෂය සියල්ල සිරිසේනට : කෙහෙළියට කාමරයක් විතරයි !

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය කටයුතු සියල්ල ජනාධිපති සිරිසේන පවරා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ ද අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් මේ බව සඳහන් කර සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද එහිදී කැබිනට් ප්‍රකාශකයා පැවසීය.

ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින කෙහෙළිය රඹුක්වැල්ල ට හිමිවන්නේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පමණි.

මේ සම්බන්ධව ලැබී ඇති දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ රාජ්‍ය මාධ්‍ය රාජපක්ෂ හිතවාදීන් අතට පත්වීම හරහා එම ආයතන ජනාධිපති සිරිසේනගේ පාලනයෙන් තොරව ක්‍රියාත්මකවීමේ අවධානම සැලකිල්ලට ගෙන ජනාධිපති සිරිසේන මේ තීරණය ගෙන ඇති බවය.

එසේම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති නමුත් ඒවායේ තිබෙන ඉහළ නිලතල බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින්නේ රාජපක්ෂ හිතවාදීන් විසින්ය. ඒ හේතුවෙන් රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත්‍රයට මෙම ආයතන හැසිරවීම වැලක්වීමට ජනාධිපතිවරයා මෙම තීරණය ගත්බව ශ්‍රීලනිප ප්‍රකාශකයකුද තහවුරු කර සිටියේය.

රාජපක්ෂ හිතවාදීන්ගෙන් විරෝධයක් !

මේ අතර ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන අත්පත් කරගැනීම සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයේ සිට ඒ අත්පත් කරගැනීමට බලාසිටි කිහිපදෙනෙකු දැඩි අප්‍රසාදයකින් පසුවන බවද වාර්තා වෙයි. ඒ සම්බන්ධව ඔවුන් බැසිල් රාජපක්ෂ වෙත දන්වා ඇති බවත් දැනගන්නට ඇත.

එහිදී බැසිල් රාජපක්ෂ ඔවුන්ට දන්වා ඇත්තේ මේ මොහොතේ ජනාධිපති සිරිඉසෙන කරන කියන දේ සම්බන්ධව එතරම් තැකීමක් නොකරන ලෙසත් විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් පවතින බැවින් එතෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසය. අවස්ථාව ලැබුණු වහාම ඉල්ලා ඇති තනතුරු සියල්ල නියමිත පරිදි බෙදාදීමට තමන් මැදිහත් වන බවද බැසිල් රාජපක්ෂ ඔවුන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න