හැත්තෑ වසරක ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසූ සිරිසේනට : දේශමාන්‍ය සම්මානයක් !

හැත්තෑ වසරක ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසූ සිරිසේනට : දේශමාන්‍ය සම්මානයක් !
දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් ලෙස  රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ ඊට විරෝධය දැක්වීමක් ලෙස  තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියා පවසා තිබේ.
 
ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් මේ බව දන්වා තිබෙන අතර වසර 70ක ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම අමනෝඥ ලෙස බිඳ දැමීම හේතුකොටගෙන තමා තුළ හට ගත් අප්‍රසාදය නිසා තවදුරටත් එම පදක්කම තබා ගැනීමට තමන් අකමැති බවද එහි දක්වා තිබේ.
 
ශ්‍රී ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිළධාරියෙකු වන දේවනේසන් නේසයියා 1959 සිට 2017 දක්වා කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම පදක්කම ජනාධිපති සිරිසේන විසින් පිරිණමා තිබු අතර ඒ 2017 වසරේ මාර්තු මාසයේය.
 
මේ වන විට විදේශගතව සිටින තමා ශ්‍රී ලංකාවට පැමිණි විගස සිය පදක්කම හා සහතිකය ජනාධිපති සිරිසේනට ලබා දීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.   
 
ආචාර්ය දේවනේසන් නේසයියා විසින් ජනාධිපතිවරයාට යොමුකළ විවෘත ලිපිය පහත සබැඳියාවෙන්, 
 
https://www.facebook.com/notes/groundviews/an-open-letter-to-president-maithripala-sirisena/10160990470505641/

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න