බෝලේ දැම්මාම මම ගහන පාර බලාගන්න - මැතිවරණ කොමිසමේ සභාපති

බෝලේ දැම්මාම මම ගහන පාර බලාගන්න - මැතිවරණ කොමිසමේ සභාපති

සභාපති පාර්ලිමේන්තු හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් සම්බන්ධව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යටතේ අදාළ තීන්දු තීරණ නිකුත් වන තුරු තමන් ඒ පිළිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුනොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

newstube.lk  වෙනුවෙන් අප නියෝජිතයකු සභාපතිවරයා සමඟ සිදුකළ කතා බහකදී ඔහු මේ අදහස් දැක්වීම සිදුකර ඇති අතර, අවස්ථා කිහිපයකදීම "ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවහොත්" යනුවෙන් කිහිපදෙනෙකුම විමසා සිටි බවත් "වොත්,හොත්" යනුවෙන් නැගෙන්නේ උපකල්පිත ප්‍රශ්න බැවින්  එවැනි උපකල්පිත ප්‍රශ්න වලට උපකල්පිත පිළිතුරු සැපයීමට තමන් බැඳී නැති බවද සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත.

එවැනි ප්‍රශ්න යොමුකරන කාටත් තමන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොදු පිළිතුරක් දීමට හැකි බව සඳහන් කරන සභාපතිවරයා එය පැහැදිළි කර සිටියේ " ක්‍රිකට් ක්‍රීඩාවේදී ඊළඟ බෝලෙට ගහන පාර කලින් කියන්න පිතිකරුවට බෑ වගේ තමයි මටත්, බෝලේ ආවහම මම ගහන පාර තීරණය කරනවා. බෝලේ දාන්න කලින් මම කොහොමද ගහන පාර කියන්නේ?" යනුවෙනි.

එසේම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව දේශපාලන කරළියේ සිදුවන කතා බහ සම්බන්ධවද එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් දක්වා ඇති අතර එහිදී ඔහුගේ අදහස වී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන්ද පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න