ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට මෙතෙක් කැබිනට් ඇමති ධුරයක් ලබාදී නොමැත්තේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කර ඇති කොන්දේසියක් නිසා යයි බව මහින්ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
අධිකරණය හමුවේ චෝදනා ලබා ඇති කිසිවකු හෝ එකී චෝදනාවලින් නිදහස් වනතෙක් තනතුරු නොගත යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා කොන්දේසියක් පනවා ඇති අතර එය තමාට ද එකසේ වලංගු බව ඔහු අවධාරණය කර තිබේ.
පසුගිය යහපාලන සමයේ දේශපාලන පලිගැනීම් මත පවරා ඇති එවැනි නඩු ඉක්මනින් විභාග කිරීමේ අවශ්‍යතාවය පැහැදිලිකර ඇති බැසිල් රාජපක්ෂ මහතා, එම නඩු අවසන් වනතෙක් කිසිඳු තනතුරක් බාර නොගන්නැයි ලලිත් වීරතුංග හා ගාමිණී සෙනරත් ඇතුළු යහපාලන ආණ්ඩුවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන්ද ඉල්ලීමක් කර තිබේ.
කෙසේවුවද විමල් වීරවංශ මහතාට වහාම කැබිනට් ඇමති ධුරයක් ලබාදෙන ලෙස ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ නායකයින් කිහිප දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
