කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ ඇමති කුජීත වෙයි : විදෙස් මාධ්‍යවේදීන් හමුව ප්‍රතික්ෂේප කරයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ ඇමති කුජීත වෙයි : විදෙස් මාධ්‍යවේදීන් හමුව ප්‍රතික්ෂේප කරයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වන සරත් අමුණුගම විසින් හෙට (09) පෙරවරු 10.30 ට පැවැත්වෙන  විදෙස් ජනමාධ්‍යවේදීන් සඳහා පමණක් වෙන්වූ හමුවක් සඳහා ආරාධනා කර ඇති නමුත් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයාගේ ඇරයුම ප්‍රතික්ෂේප කරමින් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වාදී ඇත්තේ ලෝකයේ කිසිඳු රටක් මෙතෙක් ඔක්තෝබර් 26 පිහිටවූ බව කියන ආණ්ඩුව නිල වශයෙන් පිළිගෙන නොමැති නිසා තමන්ට කිසිසේත් සංගමයක් ලෙස ඊට සහභාගී විය නොහැකි බවය.
 
එවැනි පසුබිමක විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස මෙවැන්නකට සහභාගී වුවහොත් එය තම සංගමය මේ ආණ්ඩුව පිළිගෙන තිබෙනවා වැනි පණිවිඩයක් නිකුත් වන බවත් එවැන්නක් සිදුවීම තම සංගමයේ  කීර්තිනාමයට බලවත් කැළලක් බවත් ඔවුන් පෙන්වාදී තිබේ.
 
එබැවින් විදෙස් මාධ්‍ය සඳහා පමණක් වෙන්වූ හමුවක් සඳහා තමන්ට පැමිණීමට නොහැකි බවත් ඒ හැර පොදුවේ සියළු මාධ්‍ය සඳහා විවෘත පොදු මාධ්‍ය හමු සුපුරුදු පරිදි ආවරණය කිරීමට තමන් සූදානම් බවද ඔවුන් එහිදී දන්වා ඇත.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න