සිරිසේනට අවුල් :එජාපය ව්‍යවස්ථාව පිරික්සයි

සිරිසේනට අවුල් :එජාපය ව්‍යවස්ථාව පිරික්සයි

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව  එහි මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය  හරින් ප්‍රනාන්දු පවසයි. 

මේ වන විටත් ජනාධිපති සිරිසේන දරණ ආකල්ප හා ඔහුගේ ක්‍රියාවන් අනුව සිය ධුරයේ කටයුතු කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ඔහුට ඇති බව තම පක්ෂයට නොහැඟෙන බවත් එම නිසා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත තත්වය පිළිබඳ පරික්ෂා කරන  බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇත.

ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2)  ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරය හිස් කිරීම යටතේ ව්‍යවස්ථාමය තත්වය මේ යටතේ පිරික්සන බවද අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න