කුමන්ත්‍රණ විදෙස් ඇමති හමුවීම තානාපතිවරුන් ප්‍රතික්ෂේප කරයි : යුරෝපා සංගමයෙනුත් තරවටුවක්

කුමන්ත්‍රණ විදෙස් ඇමති හමුවීම තානාපතිවරුන් ප්‍රතික්ෂේප කරයි : යුරෝපා සංගමයෙනුත් තරවටුවක්

ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි  යුරෝපා සංගමය නිවේදනය කර සිටියි.
 
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත. 
 
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය වෙයි. 
 
යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 
 
ලංකා පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සම්බන්ධයෙන් තම රටවල්  අවධානය යොමු කර තිබෙන බවත්  පාර්ලිමේන්තුව කැඳවූ පසු පාර්ලිමේන්තුවට එහි විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවය. එසේම  තවදුරටත් එය ප්‍රමාද වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබා තිබෙන කීර්තියට හානි කරනු ඇති අතර ආයෝජකයන් රටට පැමිණීමට ද වළක්වන කාරණයක් විය හැකි බවද එහි දක්වා ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය මත තබා තිබෙන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලු පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතු යැයි ද එහි දක්වා ඇත.
 
යුරෝපා සංගමයේ තුන්වන නිවේදනය 
 
45711222 510049359470368 8813112757831335936 n
 
කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදෙස් ඇමති යළිත් කුජීත වෙයි !
 
මේ අතර දිගින් දිගටම රට තුළ මතුව තිබෙන දේශපාලන අර්බුදය ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ දැඩි අසහනකාරී තත්ත්වයකට පත්වෙමින් තිබීම සහ එය කඩිනමින් විසඳා ගතයුතු බවට ජාත්‍යන්තරයේ අවධාරණය නොතකා හැර සිටින කුමන්ත්‍රණ ආණ්ඩුව ඊයේ (08) මෙරට සිටින විදෙස් තානාපතීන්ගේ හමුවක් කැඳවීමට උත්සාහ කර තිබේ.
 
ඒ සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය සරත් අමුණුගම විදෙස් රටවල තානාපති අංශ දැනුවත් කර ඇති නමුත් එහිදී ඔහුට ප්‍රතිචාර ලැබී ඇත්තේ වහාම ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ව්‍යවස්ථාපිත ආකාරයට ආණ්ඩුව පිහිටුවන ලෙසය.
 
එසේම පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇති බැවින් එය නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට තම ස්ථාවරය සම්බන්ධව තීන්දුවක් ගැනීමට නොහැකිවී ඇති බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝන වන ආකාරයට පිහිටුවා ඇති ආණ්ඩුව සිදුකරන ආරාධනා එතෙක් පිළිගැනීම සඳහා තමන්ට නොහැකි බවය.
 
ඒ අනුව ඊයේ කුමන්ත්‍රණ ආණ්ඩුව සූදානම් කර තිබු  විදෙස් තානාපතිවරුන්ගේ හමුව දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න