ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි යුරෝපා සංගමය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය වෙයි.
යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ලංකා පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සම්බන්ධයෙන් තම රටවල් අවධානය යොමු කර තිබෙන බවත් පාර්ලිමේන්තුව කැඳවූ පසු පාර්ලිමේන්තුවට එහි විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවය. එසේම තවදුරටත් එය ප්‍රමාද වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබා තිබෙන කීර්තියට හානි කරනු ඇති අතර ආයෝජකයන් රටට පැමිණීමට ද වළක්වන කාරණයක් විය හැකි බවද එහි දක්වා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
