Language Switcher

V2025

දිවයින පුවත පට්ටපල් බොරුවක් : මක්කම වඳින්න ගිය මුස්ලීම් නායකයන් 12 වනදා එනවා !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සෘජු සහය දක්වන දිවයින පුවත්පත "හකීම්- රිෂාඩ් මන්ත්‍රීවරුන් සමඟ මක්කම යති : ආපසු එන්නේ 19 දාලු" යන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇති පුවත මුළුමනින්ම සාවධ්‍ය බව වාර්තා වෙයි.
මෙම පුවත සම්බන්ධව newstube.lk  වෙබ් අඩවිය රාවුෆ් හකීම් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු  මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රකාශකයකු සහ අමාත්‍ය රිෂාඩ්  බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රසයේ ප්‍රකාශකයකු වෙතින් විමසූ අතර එහිදී ඔවුන් තහවුරු කර සිටියේ තම පිරිස් නොවැම්බර් 12 වනදා මෙරටට පැමිණෙන බවය.
එසේම තම කණ්ඩායම සිය ආගමික වතාවත් සිදුකිරීම සඳහා මක්කම වන්දනාවේ යෙදී සිටින බවත් ඒ සම්බන්ධව සාවධ්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධව අතිශය කණගාටු වන බවත්ය.
තවද තම නායකයින් මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරලීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වන සටනට සහයදීම වෙනුවෙන් සඵතවී සිටින බවත් ඒ වෙනුවෙන් කල යුතු සෑම මැදිහත්වීමක්ම සිදුකරන බවද ඔවුන් අවධාරණය කරයි.
එසේම තම පක්ෂ සම්බන්ධව ව්‍යාජ සහ සාවධ්‍ය පුවත් පළකිරීමෙන් එම පාර්ශව අපේක්ෂා කර ඇත්තේ තම පක්ෂ සම්බන්ධව වැරදි අදහසක් ජනගත කිරීම බවත් ඒ සඳහා ජාතිවාදය පෝෂණය කරන පුවත්පතක් මාධ්‍ය ආචාර ධර්ම පවා උල්ලංඝනය කිරීම ගැන පුදුම නොවන බවද ඔවුන් පැවසීය.
දිවයින පුවත්පත වාර්තා කළ සාවධ්‍ය පුවත 
45797273 2289862451084275 8506437588792377344 n
ඒ අනුව පෙනී යන්නේ ජාතික මාධ්‍ය යැයි කියා ගන්නා මාධ්‍ය සහ ඒවායේ බත්බැල ලියන්නන් ජනතාව වෙත මේ මොහොතේ සාවධ්‍ය පුවත් ඉතාම නිර්ලැජ්ජිත ආකාරයට වාර්තා කරමින් ජනතාව නොමග යවන බවය. ඒ අන් කිසිවක් නිසා නොව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන ලෙස කළ ඉල්ලීම මේ මුස්ලීම් පක්ෂ නායකයන් ප්‍රතික්ෂේප කල නිසාය. එසේම ඒ බව ජනාධිපති සිරිසේනගේ මුණටම පවසා පැමිණි නිසාය.
රිෂාඩ්ගේ අතුරුදහන්වූ මන්ත්‍රී විදෙස්ගත වෙයි !
මේ අතර දින කිහිපයක් අතුරුදන්ව සිටි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා අද (09) උදැසන විදේශගතවූ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සිය පක්ෂයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා සමග මක්කම වන්දනාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මොහු ද අද එක්වීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
                                  මන්ත්‍රීවරයා අද මක්කම වන්දනාව සඳහා පිටත්ව ගිය අවස්ථාව 
WhatsApp Image 2018 11 09 at 8.42.16 AM1
ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා පෙරේදා (07) පස්වරුවේ එම පක්ෂයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා මහතා හමුවී සාකච්ජා පවත්වා තිබිණ.
රිෂාඩ් බදූර්දීන් මහතාගේ නිල නිවසේ පැවති එම සාකච්ජාවේදී ඔහු කරුණු රැසක් අනාවරණය කර ඇතැයි ද පැවසේ.
ස්විනි මොහොමඞ් ඉස්මයිල් මන්ත්‍රීවරයා පෙරේදා පස්වරුවේ රිෂාඩ් බදූර්දීන් මහතා මහතා හමුවූ අවස්ථාව
 
WhatsApp Image 2018 11 08 at 10.44.22 AM3
මෙම මන්ත්‍රීවරයා මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහය පලකිරීමේ සුදානමකින් පසුවන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා එම පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මක්කම වන්දනාව සඳහා පෙරේදා (07) පස්වරුවේ පිටව ගියද ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා එම ගමනට එක් නොවූ අතර අද දිනයේ තම පක්ෂයේ කණ්ඩායමට එක්වන බවට සහතික වී තිබිණ.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා ඇතුළු ඔවුන්ගේ මන්ත්‍රී කණ්ඩායම් මක්කම වන්දනාව සඳහා සහභාගීවීමට පිටත්ව යමින්  

WhatsApp Image 2018 11 07 at 10.35.28 PM1

1541686685 89818 hirunews hakeem