ජනාධිපති ඉල්ලු ලෙස විශ්වාසභංග යෝජනාව සම්මතයි : දාරගත නොහැකිවූ රාජපක්ෂලා පාර්ලිමේන්තුව වනසයි ! 

ජනාධිපති ඉල්ලු ලෙස විශ්වාසභංග යෝජනාව සම්මතයි : දාරගත නොහැකිවූ රාජපක්ෂලා පාර්ලිමේන්තුව වනසයි ! 

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව පසුගිය (14) වනදා  ඉදිරිපත් කර සම්මත කරවූ විශ්වාසභංග යෝජනාව ඊයේ  (15) ජනාධිපතිවරයා ඉල්ලා සිටි ආකාරයට අද (16) පාර්ලිමේන්තුවේදී නැවත සම්මත කර ඇත.

ඊයේ (15) ජනාධිපතිවරයා සමඟ විශ්වාසභංග යෝජනාවට සහය දැක්වූ පක්ෂ නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල අදාළ යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර සම්මතකර පෙන්වන ලෙසය.

ඒ අනුව අද (16) පාර්ලිමේන්තුවට පැමිණි කතානායකවරයා පක්ෂ නායක හමුවක් කැඳවා ඇති නමුත් එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහින්ද පාර්ශවය එම අවස්ථාව කඩාකප්පල් කර ඇත. 

පක්ෂනායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි කැඳවූ අවස්ථාවේ කුමන්ත්‍රණ අගමැති මහින්දට සහය දක්වන පිරිස් පාර්ලිමේන්තුවේ කතානායක අසුන අල්ලාගෙන සිටි අතර අරුන්දික ප්‍රනාන්දු නම් අපකීර්තිමත් මන්ත්‍රීවරයා සිය චණ්ඩ නොහික්මුණු සහ නොසන්ඩාල හැසිරීම ප්‍රදර්ශනය කලේ කතානායක අසුනේ අසුන් ගනිමින්ය.

එසේම කතානයකවරයට පාර්ලිමේන්තුවට එන්නට සිදුවුයේ පාර්ලිමේන්තු පොලිසියේ ආරක්ෂාව යටතේය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ,   ප්‍රසන්න රණවීර, ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා එන දෙසට පුටු, කසල බඳුන්, සෙරප්පු ආදියෙන් පහරදෙන්නට විය. 

එහෙත් සෙංකෝලය සමඟ පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි කතානායකවරයා "ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර යළි ඊට ජන්ද විමසීමක් සිදුකරන" බව නිවේදනය කර සිටියේය. එහිදී කතානයකවරයට තම අසුනේ අසුන් ගන්නට නොහැකිවූ අතර ඒ එම අසුන රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු ඔසවාගෙන දිවගිය නිසාය.

එසේම කතානායක මේසය මත තිබූ සියලු දේපල ද රාජපක්ෂ හිතවාදී පිරිස් විනාශ කර දමනු ලැබිණ.

අවසානයේ යෝජනාව සම්මත වුයේ අත් ඔසවා ඊට මන්ත්‍රීවරුන් සහය පළකිරීම හරහාය.

රාජපක්ෂ හිතවාදී මැර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී එල්ල කල මිලේච්ජ ප්‍රහාරයේ ප්‍රතිඵල පහත දැක්වේ.

46425121 710255352693215 5404597591847469056 n

46463497 745806319145280 3087718685641539584 n

46489525 581253635643789 108095139905273856 n

46492210 317637342390379 1606682402837495808 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න