ජනාධිපති තීරණය ස්ථිරයි : රාජපක්ෂ වියරුවේ වීඩියෝ සාක්ෂි මෙන්න 

ජනාධිපති තීරණය ස්ථිරයි : රාජපක්ෂ වියරුවේ වීඩියෝ සාක්ෂි මෙන්න 

පාර්ලිමේන්තු සැසිවාරය කිසිඳු හේතුවක් මත කල්නොතබන බව ජනාධිපති සිරිසේන පවසයි.

ට්වීටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියි.

පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයා නිකුත්කළ ට්වීටර් සටහනයි.

46255419 2755681781110451 5680617659444494336 n

මේ අතර අද (16) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ඉලක්ක කර රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් දියත්කළ මිලේච්ජ ප්‍රහාරය මහින්ද රාජපක්ෂගේ සෘජු උපදෙස් මත නිකුත් කරනු ලැබුවක් බව වාර්තා වෙයි.

ඊයේ (15) ජනාධිපතිවරයා සමඟ රාජපක්ෂට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වූ පක්ෂ නායකයන්ගේ හමුවෙන් පසුව එහි තීරණය  මහින්ද රාජපක්ෂ දැනගත් අවස්ථාවේ ඔහු වියරුවෙන් මෙන් හැසිරී ඇති බවත් යළි පාර්ලිමේන්තුව විවෘත කිරීමට ඉඩනොදෙන බව සඵත කරමින් ජනාධිපති සිරිසේනටද බන වැදුණු බවත් දැනගන්නට ඇත.

ඒ අනුව අද පාර්ලිමේන්තුව ආරම්භ කළ පළමු  අවස්ථාවේ සිටම රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් සියලු දෙනා වියරුවෙන් හැසිරුණු අතර මිරිස් කුඩු දියකර විපක්ෂයේ අසුන්ගෙන සිටි මන්ත්‍රීවරුන් දෙසට දමා ගැසිනු අතර පුටු, කසළ බඳුන්, සෙරප්පු, පොත්පත් ආදියෙන්ද ඔවුන් වෙත දමා ගසනු දක්නට ලැබිණ.

මෙහිදී වූ විශේෂත්වයක් වුයේ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු රාජපක්ෂ රෙජීමයට එරෙහි පාර්ශවයේ කිසිවෙකු ඊට ප්‍රතිචාර දක්වන්න ගියේ නැත. 

කෙසේ වුවත් රාජපක්ෂ හිතවාදී පාර්ශවයේ මන්ත්‍රීවරුන් දියත් කළ මිලේච්ජ ප්‍රහාරය අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි විදෙස් තානාපතිවරුන්ගේද දැඩි අවධානයට යොමුව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න