නැති බලයක් බලෙන් ගන්න ගිය නිසයි මේ සේරම - කුමාර වෙල්ගම

නැති බලයක් බලෙන් ගන්න ගිය නිසයි මේ සේරම - කුමාර වෙල්ගම

මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන කණ්ඩායමට මන්ත්‍රීවරු 113ක් නැති බවත් ඒ බව තේරුම්ගෙන බලහත්කාරයෙන් රැඳී නොසිට මන්ත්‍රීවරු 113කගේ විශ්වාසය දිනාගත් කණ්ඩායමට ආණ්ඩුව ලබාදී විපක්ෂයට යාම සුදුසු බවත් මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

එසේම බහුතරයක් නොමැතිව බලය ලබාගැනීමට යාම නිසා අද රට අස්ථාවරවී ඇති බවත් එය කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා පවසයි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර සිටියේ අද (16) පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් දියත්කල මැර ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින්ය.

 තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු ලෙසත් මෙලෙස ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට අවවාද කිරීමක් කළ නොහැකිදැයි මාධ්‍යවේදීන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන්  විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ “අපි කිය දේ අහන අය නෙවෙයි අද ඉන්නේ” කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න