මල්වතු මහනායක හිමියන්ගෙන් ජනාධිපතිට ලිපියක් !

මල්වතු මහනායක හිමියන්ගෙන් ජනාධිපතිට ලිපියක් !

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනමින් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ජනාධිපති සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් අද (16) දන්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව දේශපාලනික සදාචාරාත්මකභාවය ආරක්ෂා කරමින් සුදුසු පියවරක් ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද උන්වහන්සේ අවධාරණය කරති.

නව අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම පිළිබඳ පක්ෂ, විපක්ෂ පිරිස් හා විවිධ දේශපාලනික මත දරන කණ්ඩායම් මෙන්ම දෙස් – විදෙස් දෙපාර්ශවයද මේ වනවිට රට පත් ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳ විවිධ මත දරන බවද මල්වතු මහ නාහිමියෝ එම ලිපියෙන් පෙන්වා දී ඇත.

රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තු ආදි සියලු ස්ථාන මෙන් ම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

එවැනි තත්ත්වයකදී රටේ පළමු පුරවැසියා ලෙස දේශපාලන සුජාතභාවයන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස පවත්වාගැනීම ජනාධිපතිතුමාගේ කාර්යයක් බවද අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ පෙන්වා දෙති.

උන්වහන්සේ අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමෙන් රටේ දැනට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කර ජනතාවගේ අභිවෘද්ධිය සුරක්ෂිත තිරසර රටක් ඇති කළ යුතු බවයි.

ඒ තුළින් රටේ සියලු අංශයන්ගේ බිඳ වැටීම නතර කර, පොදු ජනතාවගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කරගත හැකි බව අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ ජනාධිපතිතුමාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

thibbatuwawe sri sumangala thero 2018.11.16. 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න