සිරිසේන ඒකාධිපති ගමනක : දෙවැනි විශ්වාසභංගයත් ප්‍රතික්ෂේප කිරීමේ සූදානමක් !

සිරිසේන ඒකාධිපති ගමනක : දෙවැනි විශ්වාසභංගයත් ප්‍රතික්ෂේප කිරීමේ සූදානමක් !

මහින්ද රාජපක්ෂව තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබා ගැනීමට සිරිසේන ජනාධිපතිගේ සූදානමක් තිබෙන බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර සිරිසේන ජනාධිපති කියන්නට සූදානම් වන්නේ විශ්වාසභංග යෝජනාව සම්මත කිරීම විධිමත් ආකාරයට සිදුනොවූ බවය.

ඒ අනුව පෙනී යන්නේ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය දිගටම පවත්වාගෙන යාමේ නින්දිත උත්සාහයක් ජනාධිපතිට ඇති බවය. ඒ වෙනුවෙන් ඕනෑ තරම් වන්දියක් ගෙවීමට ජනතාව සූදානම් වියයුතු බවය.

සිරිසේනගේ දෙබඩි කතා 

ඉතා පැහැදිළිව ඊයේ (15) ජනාධිපති සිරිසේන සහ  කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට එරෙහිව විශ්වාස භංග යෝජනාව සම්මත කරගත් පක්ෂ නායකයින් අතර තිබූ සාකච්ඡාවේදී පවසා සිටියේ පසුගිය 14 වනදා සම්මත කළ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර එය සම්මත කරන ලෙසය. ඒ අනුව අද (16) පාර්ලිමේන්තුවේදී අදාළ විශ්වාසභංග යෝජනාව සම්මත කිරීමට නියමිතව තිබු නමුත් රාජපක්ෂ පාර්ශවයේ මැර මන්ත්‍රීලා එහිදී කතානායකවරයා ඉලක්ක කරමින් නින්දිත ප්‍රහාරයක් දියත්කළ බව දැන් ලෝකයම දන්නා සත්‍යක්ය.

පාර්ලිමේන්තුවේ ලේ හලන්න යන්නේද කුමන්ත්‍රණ ආණ්ඩුවයි !

ඒ සමඟ සිහිපත් කරගත යුතු තවත් කතාවක් ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපති සිරිසේන ගැසට් නිවේදනය නිකුත් කරමින් සිදුකල විශේෂ ප්‍රකාශයය. එයින් ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියහොත් ඒ තුළ ලේ වැගිරීමක් සුදුවිය හැකි බවය.

ඒ ලේ වැගිරවීම ඊයේ ආරම්භ කළේ දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාය. ඒ කතානායකගේ මයික්‍රෆෝනය කඩන්නට ගොස් එයි වූ වයරයට අත කපා ගෙනය. නමුත් සිරිසේන ජනාධිපති කියූ කතාවේ ඇත්ත එළියට දැමුණේ අන් කිසිවෙකුත් නොව ඔහුම පත්කළ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දගේ මන්ත්‍රී බුරුත්තය. ඒ කතානායකවරයා ඇතුළු විපක්ෂයේ අසුන්ගෙන සිටි මන්ත්‍රීවරුන් වෙත එල්ල කල නින්දිත ප්‍රහාරය හරහාය. 

දැන් ඔවුන් සූදානම් වෙමින් සිටින්නේ සිරිසේන ජනාධිපති කියූ ලෙස වැඩ නොකළ නිසා මේ සියල්ල සිදුවූ බව පෙන්වන්නටය. ඒ පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව තහනම් නියෝජයක් ගන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සහ යළිත් පාර්ලිමේන්තුව විවෘත කිරීම ගැන චෝදනාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයට දමන්නය. 

බොරු පිට බොරු කියන ජනාධිපති 

නමුත් මේ අර්බුදයේ මුල සහ ඊට මුළුමනින්ම වගකිව යුතු වන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමට මුල් වූ සිරිසේන ජනාධිපතිය. ඔහු ඔක්තෝබර් 26 වනදා කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බවය. එහෙත් එවැන්නක් තිබුණේ නැත. ඒ කතාව පට්ටපල් බොරුවක්ය. රටම මුළාවේ දැමු කතාවක්ය.

පසුව මන්ත්‍රීවරුන් පිල් මාරු කරවා ගන්නට උත්සාහ කළත් එයද සාර්ථක වුයේ නැත. එහෙත් නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තු වට රවුමේදී ද සිරිසේන ජනාධිපති රටටම ඇහෙන්න යලිත් බොරුවක් කීවේය. ඒ තමන්ට දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් 113 ඕනෑම වෙලාවක පෙන්විය හැකි බවත්ය.

එහෙත් අදටත් ඒ හැකියාව කුමන්ත්‍රණ ආණ්ඩුවට නැත. දැන් මේ සූදානම් වන්නේ පෞද්ගලික වෛරයක්, අත්තනෝමතික පාලනයක් සහ බල වියරුවක් වෙනුවෙන් රටම අගාධයට ඇද දැමීමේ නින්දිත උත්සාහයකටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න