පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අදාළව තමන් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කිරීම සඳහා තීන්දුවක් ගැනීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර එම ගැසට් පත්‍රය අවලංගු කිරීමේ සූදානම පවතින අතර ඒ අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සාතිශය බහුතරයක් තහවුරු කර ඇති පසුබිමේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නියත වශයෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශවයට අවාසි සහගත ලෙස ලැබෙන බවත් එසේ වුවහොත් ජනාධිපතිවරයා චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව දක්වමින් දෝෂාභියෝගයක් ගෙන ඒමට වුවත් ඉඩ ඇති බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් දන්වා ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් ජනාධිපතිවරයා නිකුත්කර ඇති ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදනය නිවැරදි බව පවසා ඇත්තේ සරත් එන්. සිල්වා නැමති ලංකා ඉතිහාසයේ සිටි අපකීර්තිමත් අගවිනිසුරුවරයා පමණි.
කෙසේ වුවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් මේ වන විට සූදානම් වන්නේ පොලිස් රාජ්‍යක් බවට පත්කර ගෙන පාලනය ගෙනයන්න බවටද වාර්තා ලැබෙමින් පවතී.
බහුතරය අපිට : පාර්ලිමේන්තුව විසුරවපු ගැසට් නිවේදනය අහෝසි කරනවා - එස්.බී
අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ එස්. බී. දිසානායක සිදුකළ ප්‍රකාශය ඊට සාක්ෂි දරයි.
එහිදී එස්.බී.දිසානායක පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අධිකරණ තීන්දුව ලැබීමට පෙර අවලංගු කළ හැකි බවය.
එසේම එක්සත් ජාතික පක්‍ෂයට මේ වන විට ඇත්තේ මන්ත්‍රී ධුර 88ක් පමණක් බවත්, මේ නිසා ඔවුන්ට 113 පෙන්වන බව සඳහන් කළ දිනට එය පෙන්විමට නොහැකි වූ බවත් ඒ හමුවේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ 120ක් හිටියා විසුරවපු ගමන් සේරම ගියා !
පාර්ලිමේන්තුව විසුරවාලීමට ජනාධිපති ක්‍රියා නොකලා නම් 120ක පමණ පාර්ලිමේන්තු බහුතරයක් තමන්ට තිබු බවත් පාර්ලිමේන්තුව විසුරවූ බැවින් ඒ සියළු දෙනා ආපසු හැරී ගියබවද ඔහු පැවසීය.
මුලින් පළාත් සභා මැතිවරණයක් - ඊළඟට ජනාධිපතිවරණයක් !
දැන් බහුතරය තමන්ට තිබෙන බැවින් නව කථානායකවරයෙකු පත්කර පාර්ලිමේන්තුව 2020 ඔක්තෝබර් වනතෙක් පවත්වාගෙන යන බවත් අවශ්‍ය වු අවස්ථාවකදී ආණ්ඩුවේ බහුතරය පෙන්වන බවත් මේ අනුව ඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවද එස්.බී සදහන් කළේය.
ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද පවසා සිටියේය.
ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද පවසා සිටියේය.

