කුමන්ත්‍රණ ආණ්ඩුවට ණය ගෙවන්න සල්ලි නෑ : රාජ්‍ය බැංකු තුනම අවධානමේ හෙළීමට සූදානම් !

කුමන්ත්‍රණ ආණ්ඩුවට ණය ගෙවන්න සල්ලි නෑ : රාජ්‍ය බැංකු තුනම අවධානමේ හෙළීමට සූදානම් !

ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලබාදෙන ණය සහනාධාර අත්හිටුවීමත් සමඟ විදෙස් ණය වාරික ගෙවා ගැනීමේ බරපතල අර්බුදයකට මුහුණදී සිටින කුමන්ත්‍රණ ආණ්ඩුව ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ලංකා බැංකුව සහ මහජන බැංකුව අවධානමේ හෙළීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ ලංකා බැංකුව, මහජන  බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවලින් අන්තර් ජාතිකව ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් හා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන් මෙම ණය වාරිකය ගෙවීමට සැලසුම් කර තිබීම හමුවේය.

හම්බන්තොට වරාය - මහජන,ලංකා, NSB බැංකු මුදල් සමග චීන ණයක් !

සිරිසේන ජනාධිපතිගේ ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මේ බව අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තහවුරු කර ඇත.   

එහිදී ඔහු පවසා ඇත්තේ  ලබන වසරේදී රජයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක (බිලියන 1.5ක) ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වන විටත් සැලසුම් කර ඇති බවය. 

ඒ අනුව  හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඉතිරි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක මුදල සහ ලංකා බැංකුව, මහජන  බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවලින් අන්තර් ජාතිකව ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් හා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන් මෙම ණය වාරිකය ගෙවීමට  හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

අදාළ  ණය වාරිකයෙන් ඩොලර් මිලියන 1000ක් ලබන ජනවාරියේ සහ ඉතිරි ඩොලර් මිලියන 500 අප්‍රේල් මාසයේ ගෙවීමට තිබෙන බව ද ඔහු පවසා ඇත.

ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ කටයුතු කරන මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහත දමා ඇතත් එවැනි ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුව නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා තිබේ.

ශ්‍රී ලංකාව සතු අඩු සංචිත ප්‍රමාණය හා පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය මත මූඩීස් ආයතනය මෙසේ ශ්‍රේණිගත කිරීම් සිදුකරන්නට ඇතැයි කී මහාචාර්යවරයා ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගැටලුවක් නැති බවත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා විනය නිසි පරිදි පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති බවත් සඳහන් කර ඇත.

විදෙස් සංචිතවලට විදින සූදානමක් !

ණය ගෙවීම සඳහා ඇති බැඳීම 100% ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද ඔහු පැවසු අතර ශ්‍රී ලංකාව සතුව මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක සංචිතයක් ඇති බැවින් ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ කිසිවෙකුත් චකිතයක් ඇතිකර ගත යුතු නැතැයි ද ප්‍රකාශ කළේය.

තවද ඉදිරියේදී වියදම් වැඩිවී ආදායම් අඩුවුවත් යම් යම් වෙනස්කිරීම් තුළින් අයවැය හිඟය පාලනය කර පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙන බව ද  ඔහු පවසා තිබෙන නමුත් ඒ යම් යම් වෙනස් කිරීම් මොනවාද යන්න පැවසීමට ඔහු අසමත්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න