පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් දැන් තම පාක්ෂිකයින් ගෙන් දිගින් දිගටම පලිගනිමින් සිටින බවත් රාජපක්ෂවරුන් සමග සන්ධානයකට යාම තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින්ම දියවෙමින් පවතින බවත් එම පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙනෙකු ඊයේ (22) ජනාධිපතිවරයා හමුවී පෙන්වා දී ඇත.
මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර හා ලසන්ත අලගියවන්න එසේ ජනාධිපතිවරයා හමුවී සිය දුක් ගැනිවිලි ඉදිරිපත්කර තිබේ.
පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් පසුගිය දින කිහිපය තුලදී තම පක්ෂයේ ක්‍රියාකාරීන්ට බලපෑම් කරමින් ඔහු පොහොට්ටුවට එක්කර ගැනීමට කටයුතු කර ඇති ආකාරයත්, තම වෘත්තීය සමිති සාමාජිකයින් බිලි බා ගැනීමට පොහොට්ටුවට ගිය ගාමිණී ලොකුගේ වැනි මන්ත්‍රීවරුන් ක්‍රියාකර ඇති ආකාරයත් එම පිරිස ජනාධිපතිවරයාට කරුණු කාරණා සහිතව පැහැදිලිකර දී ඇත.
කිසිඳු ලෙසකින් හදිසි මහ මැතිවරණයක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇති එම කණ්ඩායම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගන්නා ලෙසද ඉල්ලා තිබේ.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිඳු පැහැදිලි අදහසක් ප්‍රකාශකර නොමැති ජනාධිපතිවරයා, තමා පක්ෂයේ නයකතවයේ සිටින තාක් කල් ශ්‍රීලනිප පාක්ෂිකයින් අනාථ වීමට ඉඩ නොතබන බවට සහතික වී ඇත.
එස් බී කියපු කතාව :
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා,ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ අදහස ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවලංගු කළ හැකි බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසිය.

