ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය : විමර්ශන කඩිනම් කරන්න - පොලිස්පතිට නියෝගයක්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය : විමර්ශන කඩිනම් කරන්න - පොලිස්පතිට නියෝගයක්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සඳහා සම්බන්ධ බවට සැකසහිත බව කියමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා මානසික රෝගයකින් පෙළෙන බවට වාර්තාවක් අංගොඩ මානසික රෝහලින් නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

මර්සලින් තෝමස් නම් මෙම  ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ගනුලැබූ නියෝගයක් මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන අතර විමර්ශන අතර තුරදී ඔහුගේ මානසිකත්වය පරීක්ෂා කිරීම සඳහා අදාළ වාර්තාව කැඳවා තිබිණ.
 
එසේම මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගනුලැබූ අවස්ථාවේ ඉන්දීය රජය වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද සඳහන් කර සිටියේ ඔහු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයකු බවය.
 
මේ අතර තමන්ගේ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති සිරිසේන  විසින් පොලිස්පති පූජිත ජයසුන්දර අමතා දන්වා ඇතැයි වාර්තා වෙයි.
 
එසේම දැනට සිදුකර ඇති විමර්ශන වල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් වහාම තමන්ට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවද ජනාධිපතිවරයා දන්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න