තේරීම් කාරකසභාවටත් ජන්දයක් : රාජපක්ෂ නඩයම පාර්ලිමේන්තුවෙන් පැන දුවයි

තේරීම් කාරකසභාවටත් ජන්දයක් : රාජපක්ෂ නඩයම පාර්ලිමේන්තුවෙන් පැන දුවයි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව තේරීම සඳහා අද (23) ජන්ද විමසීමක් පැවැත්වීමට සිදුවූ අතර ඒ අවස්ථාවට මුහුණදීමට නොහැකිවූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද පාර්ශවය ඒ හමුවේ පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.

මේ ආකාරයට තේරීම් කාරක සභාවක් පැවැත්වීම වෙනුවෙන් ජන්ද විමසීමක් සිදුකිරීමට සිදුවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහයදී කටයුතු කරන මහින්ද - සිරිසේන පාර්ශවය තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් 7 දෙනෙකු ඉදිරිපත් කිරීමය.

ඒ සඳහා අද පාර්ලිමේන්තුවේ සභා කටයුතු ආරම්භ කිරීමට පෙර පක්ෂනායක හමුවක් පැවැත්වූවද එහිදී තේරීම් කාරකසභාවේ සංයුතිය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකිව ඇත. එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය තමන් පසුගියදා සම්මතවූ විශ්වාසභංග යෝජනාව පිළිනොගන්නා බව සඳහන් කරමින් තේරීම් කාරකසභාවේ බහුතරය ඉල්ලා තිබේ. නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි පාර්ශව යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන ආකාරයට පාර්ලිමේන්තුවේ තේරීම් කාරකසභා සංයුතිය සමන්විත වියයුතු බවය.

තේරීම් කාරකසභා සංයුතිය - නිදහස් සන්ධානයට 5යි : එක්සත් ජාතික පෙරමුණ 5 යි : TNA 1යි : JVP !යි 

ඒ අනුව කතානායකවරයා විසින් තේරීම් කාරකසභාව නම් කළ අතර ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නියෝජිතයන්  5  දෙනෙකු (දිනේෂ් ගුණවර්ධන, එස්.බී.දිසානායක, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ) නම් කල අතර එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් නියෝජිතයන් 5 දෙනෙකු (ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක) නම් කෙරිණ. එසේම ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් මාවෙයි සේනාධිරාජා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද තේරීම් කාරකසභාව සඳහා කතානායකවරයා විසින් නම් කරනු ලැබිණ.

වැඩි ජන්ද 121 කින් තේරීම් කාරකසභාව සම්මතයි !

එහිදී කතානායකවරයා නම් කළ තේරීම් කාරක සභාවට අදාළව ජන්ද විමසීමක් සිදුකිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුවට විරුද්ධ බහුතර මන්ත්‍රී පාර්ශවය විසින් ඉල්ලා සිටිනු ලැබූ අතර එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුවෙන් පළාගියහ.

කෙසේවුවත් ඉලෙක්ට්‍රොනික ක්‍රමය යටතේ සිදුකළ ජන්ද විමසීම අවස්ථාවේ කතානායකවරයාගේ තේරීම් කාරකසභාව සඳහා පක්ෂව ජන්ද 121ක් ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න