මෛත්‍රී - මහින්දට තුරුම්පු නැතිවෙයි !

මෛත්‍රී - මහින්දට තුරුම්පු නැතිවෙයි !

මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් තෝරාගත නොහැකි තත්වයකට තම කණ්ඩායම පත්වී තිබෙන බවත්, ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම පිළිබඳව බරපතල අවිනිශ්චිතතාවයක් උද්ගත වී තිබෙන බවත් අනිද්දා සමග අහස් දැක්වූ මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ නීතිවිරෝධී අමාත්‍යවරයෙක් අනිද්දා කළ විමසීමකදී පැවසීය.
 
තම කණ්ඩායමට මේ වන විට 113 ක බලයක් නොමැති බවත්, 113 ක් ලබාගැනීම සඳහා අවශ්‍ය මෛත්‍රී කණ්ඩායම සම්පූර්ණ කර ගැනීම අවිනිශ්චිත බවත් අනිද්දා සමග අදහස් දක්වමින් එම නීතිවිරෝධී අමාත්‍යවරයා කීය. 113 ක බහුතර බලයක් ලැබාගැනීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට වාසි සහගත තීන්දුවක් ලබා දීම යන දෙකෙන් එකක් සිදු නොවුණහොත් තම කණ්ඩායමට ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය. එහෙත් එම අවස්ථා දෙකම සිදු නොවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
 
නීති විරෝධී කැබිනට් මණ්ඩලය විසින් අතුරු සම්මත ගිණුමකට අනුමැතිය ලබාගෙන තිබුණද, එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත නොහැකිව සිටින බව ඔහු පැවසීය.
 
ඉන් පසුව කුමක් කළ යුතු දැයි මේ වන විට තීරණයකට පැමිණ නොමැති බවත්, ඉතිරි වී ඇති තෝරා ගැනීම් දෙක වන ජනාධිපතිවරණය සහ ජනමත විචාරණය යන සෘජු ජනමතය විමසීමේ අවස්ථා දෙකෙන්ම තම කණ්ඩායම පරාජය වීමේ වැඩි ඉඩක් ඇති බවත් ඔහු කීය. එම මැතිවරණ දෙකම ජයගැනීමට නම් ජනගහනයෙන් 50% කට වඩා තම කණ්ඩායමට වාසි සහගත ලෙස ඡන්දය ලබා දිය යුතු බව එම නීති විරෝධී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව දීර්ඝකාලීන කටයුතු කළ නොහැක්කක් බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව පළාත් සභා මැතිවරණයකට යෑමද කළ නොහැක්කක් බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා මේ වන විට තම කණ්ඩායම තොරාගැනීම් නොමැති තත්වයකට පත්ව ඇතැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
 
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න