ශ්‍රීලනිපය හැරගිය මන්ත්‍රීලාට සිරිසේනගෙන් රතු එළියක් : මන්ත්‍රීධුරත් අවදානමේ ! 

ශ්‍රීලනිපය හැරගිය මන්ත්‍රීලාට සිරිසේනගෙන් රතු එළියක් : මන්ත්‍රීධුරත් අවදානමේ ! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු වෙනත් පක්ෂ සමඟ එක්වූ පිරිසට වහාම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ලෙස අවසන් කාල සීමාවක් සමඟ දැනුම්දෙන ලෙස සිරිසේන ජනාධිපති ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

එසේම කිසිසේත්ම මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීමේ අපේක්ෂාවක් නොමැති බවත් දැනුම්දෙන කාලයට පෙර යළිත් පක්ෂයට සම්බන්ධ නොවන පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පක්ෂය හැර ගියා සේ සළකන බවත් එහිදී අවධාරණය කරන ලෙසද ජනාධිපති සිරිසේන එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේන මේ නියෝගය නිකුත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැළසුම් සහගත ලෙස දියකර හරින බවට දිගින් දිගටම ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින්ය. 

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලක්ෂ්මන් පියදාස, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ජෝන් සෙනවිරත්න, දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් රැසක් පොදුජන පෙරමුණ හරහා පාක්ෂිකයන්ට සිදුවෙමින් ඇති බලපෑම් සහ හිරිහැර සම්බන්ධව පැමිණිලි රැසක් ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇත.

පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් පසුගිය දින කිහිපය තුලදී තම පක්ෂයේ ක්‍රියාකාරීන්ට බලපෑම් කරමින් ඔවුන්ව පොහොට්ටුවට එක්කර ගැනීමට කටයුතු කර ඇති ආකාරයත්, තම වෘත්තීය සමිති සාමාජිකයින් බිලි බා ගැනීමට පොහොට්ටුවට ගිය ගාමිණී ලොකුගේ වැනි මන්ත්‍රීවරුන් ක්‍රියාකර ඇති ආකාරයත් එහිදී කරුණු කාරණා සහිතව පැහැදිලිකර දී ඇති බවත් දැනගන්නට ඇත.

ලක්ෂ්මන් හුළුගල්ල, නාලක ගොඩහේවා, කපිල චන්ද්‍රසේන ඇතුළු කිහිපදෙනෙකුගේ පත්වීම් අවලංගු කරන ලෙස ජනාධිපති සිරිසේන නියෝග කර ඇත්තේද  රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේදී රාජපක්ෂ හිතවාදීන් පත්වීම වැළක්වීම සඳහා චක්‍ර ලේඛනයක් නිකුත් කිරීමට සිරිසේන ජනාධිපති කටයුතු කර ඇත්තේද ඒ අනුව බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න