නාමල් නිසා ප්‍රසන්නට පොහොට්ටුවේ කැපිල්ලක් :  දිස්ත්‍රික් නායක පට්ටමත් ගලවයි !

නාමල් නිසා ප්‍රසන්නට පොහොට්ටුවේ කැපිල්ලක් :  දිස්ත්‍රික් නායක පට්ටමත් ගලවයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය සඳහා සරණ ගුණවර්ධන පත්කිරීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂ සහ ජී.එල්.පීරිස් වෙත  සිදුකල දැනුම්දීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉවත්කොට එම තනතුර සඳහා සරණ ගුණවර්ධන පත්කිරීමට තීන්දුවී තිබේ.

පොදුජන පෙරමුණ  ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පදනම් කරගෙන සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵලයක් පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බවය. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පොදුජන පෙරමුණේ තරුණ නායකත්වය සම්බන්ධව බිම් මට්ටමේ සාමාජික විශ්වාසය දිනා ඇති නායකයින් තෝරා ගැනීම සම්බන්ධවය. එහිදී නායකත්ව ලක්ෂණ, සාමාජික විශ්වාසය, දේශපාලන හැසිරීම, දැනුම, ඇතුළු කරුණු ගණනාවක් ආවරණය වන ආකාරයට මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

එහිදී සමීක්ෂණ ප්‍රතිඵල ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂට වඩා පොදුජන පෙරමුණේ සාමාජික ප්‍රසාදයක්   ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට තිබෙන බව දැක්වෙන ආකාරයටය.

ඒ අනුව රාජපක්ෂ පවුලේ තීරණය වී ඇත්තේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට බලපෑම් සහගත වන කිසිවෙක් සිය පාර්ශවය තුළ මතුවීම අවධානමක් බවත් එබැවින් එම තත්ත්වය පළමු මොහොතේම වෙනස් කළ යුතු බවය. අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරු වල  සඳහන් වන්නේ  ගම්පහ දිස්ත්‍රික් නායකත්වය පමණක් නොව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට කුමන්ත්‍රණ ආණ්ඩුව තුළ අමාත්‍යධුරයක් ලබානොදීමට හේතුවී ඇත්තේද අදාළ සමීක්ෂණ ප්‍රතිඵලය නිසා බවය.

ප්‍රසන්න මැතිවරණයට ඒමත් ප්‍රතික්ෂේප කරලා !

මේ අතර පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් නායකත්වය සඳහා සරණ ගුණවර්ධන පත්කිරීම සම්බන්ධව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා දැඩි විරෝධයක් පළකර ඇති බව වාර්තා වෙයි.
එහිදී පොදුජන පෙරමුණ නායකත්වය වෙත ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා දැනුම්දී ඇත්තේ සරණ ගුණවර්ධන වෙත ගම්පහ දිස්ත්‍රික් නායකත්වය ලබාදීමට කටයුතු කරනවා නම් තමන් ඒ මැතිවරණයට ඉදිරිපත් නොවන බවය.

ශ්‍රීලනිප පොහොට්ටු තරගයට කළකිරෙයි !

2015 මැතිවරණ පරාජයෙන් අනතුරුව නැවත රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම වෙනුවෙන් දැඩි කැපකිරීමක් සිදුකළ ප්‍රසන්න රණතුංගට ගම්පහ දිස්ත්‍රික් නායකත්වය අහිමි කිරීම සම්බන්ධව එම පාර්ශවයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් දැඩි කළකිරීමෙන් පසුවන බවද දැනගන්නට ඇත. 

එසේම නාමාල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නායකත්වයට ගෙන ඒම සම්බන්ධව තමන් කිසිවෙකුගේ විරෝධයක් නැති බවත් එහෙත් එය සිදුකල යුතුව ඇත්තේ පක්ෂයේ සිටින ජනප්‍රිය නායකයන් විනාශ කරමින් නොවන බවද ඔවුන්ගේ ස්ථාවරයවී තිබේ.

නාමල් රාජපක්ෂ දේශපාලන වශයෙන් පරිණතවීම ඔහුට අයත් කාර්යයක් බවත් ඒ හැර බලහත්කාරයෙන් පක්ෂය තුළ පක්ෂ නායකයින් මවන්නට ගියහොත් පොදුජන පෙරමුණ පක්ෂයට වැඩි කළක් දේශපාලනයේ පවතින්න නොහැකි වනු ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. පොදුජන පෙරමුණ තුළ මේ මොහොතේ මතුව ඇති මේ තත්ත්වය හමුවේ ශ්‍රීලනිපයෙන් ඉවත්වී පොදුජන පෙරමුණට එක්වූ කිහිපදෙනෙකුම යළිත් ශ්‍රීලනිපයට එකතුවීමේ සූදානමක්  පවතින බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න