කුමන්ත්‍රණ ආණ්ඩුවේ අනාගතය සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද (23) රාත්‍රී 7.00ට ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ඇතුළු සීමිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එහිදී තීරණාත්මක තීන්දු කිහිපයක් දැනුම්දීමට ජනාධිපති සිරිසේන සූදානමක පසුවෙයි.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ සඳහා සහභාගීවන්නේ කවුද යන්න එම ආරංචිමාර්ග සඳහන් නොකරයි.
කෙසේ වුවත් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ගැනීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද අසමත්වීම, මේ වන විටත් විශ්වාසභංග යෝජනා දෙකක් ඔහුට එරෙහිව සම්මත කර තිබීම මෙන්ම ආණ්ඩුවේ කටයුතු ව්‍යවස්ථා විරෝධී බවට ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් මතුව ඇති විරෝධය සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇති බවද දැනගන්නට ඇත.
ජනාධිපතිව අමාරුවේ දැම්මේ : SB , ඩිලාන්, තිලංග සහ ලක්ෂ්මන් වසන්ත !
එසේම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ආණ්ඩුව වෙනස් කිරීමට අදාළ සියළු පව් මේ වන විට ජනාධිපතිවරයා වෙතින් යැවීමට උත්සාහයක් ඇති බවත් එසේ වුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව කියමින් ජනාධිපටිවරයව මේ තීන්දුව ගැනීමට පොළඹවා ගත්තේ එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් බවය.
බැසිල් රාජපක්ෂ ඇතුළු තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට හැකියාව ඇති බව පවසමින් ඔවුන් ආණ්ඩුවේ ගමන වෙනස් කළ යුතු බවට දැඩි අවධාරණයක සිටි බවත් නැතහොත් ශ්‍රීලනිප ය දෙකඩ විය හැකි බවත් එසේ වුවහොත් ඒ ඓතිහාසික පාපයට කරගසන්න සිදුවන්නේ සිරිසේන ජනාධිපතිට බවද ඔවුන් නිතර අවධාරණය කල බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රීලනිපයෙන් ජනාධිපතිට දැඩි බලපෑම් !
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් රාජ්‍ය බලය යොදාගෙන තම පාක්ෂිකයන් වෙත දැඩි බලපෑම් කරමින් සිටින බවට ශ්‍රීලනිප ජේෂ්ඨයින් රැසක් ජනාධිපතිවරයට පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.
ඒ සම්බන්ධව ජනාධිපතිවරයා සිදුකරන මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවත් ඒ හමුවේ දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 10ක් පමණ මේ වන විටත් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින බවද දැනගන්නට ඇත.
කෙසේ වුවත් දිගින් දිගටම පක්ෂය දුර්වලවීමට ජනාධිපතිවරයා ඉඩහරිනවා නම් පක්ෂයේ සහ එහි සාමාජිකයන්ගේ අපේක්ෂාව වෙනුවෙන් බරපතල තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප ජේෂ්ඨයින් පිරිසක් මේ වන විටත් සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.

