එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයක් ඉල්ලයි !

එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයක් ඉල්ලයි !

මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුවත් බලයට පත් වන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ බහුතරය සහිත කණ්ඩායමක් බැවින් උද්ගතව පවතින අර්බුදය විසදීම සඳහා  වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්  ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.                       

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි බලතල අනුව ජනවාරි මස 09 වනදායින් පසු ඕනෑම දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බැවින් දේශපාලන අස්ථාවරභාවය නැති කිරීමට ගත හැකි හොඳම සහ ආසන්නම පියවර ලෙස එය ක්‍රියාත්මක කරන්නැයිද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා  මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  යන පක්ෂ විසින් මෙම ඉල්ලීම කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න