පොහොට්ටු මන්ත්‍රී රැස්වීමේදී SBට සහ සිරිසේනට කුණු බැණුම් !

පොහොට්ටු මන්ත්‍රී රැස්වීමේදී SBට සහ සිරිසේනට කුණු බැණුම් !

අද (23)  සන්ද්‍යාවේ පැවති කුමන්ත්‍රණ ආණ්ඩුවේ පොදුජන පෙරමුණ පාර්ශවයේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා දැඩි දෝස්මුරයකට ලක්වූ බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින්ය.
 
මීට හේතුවී ඇත්තේ අද දිනයේත් පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරය පෙන්වාගත නොහැකිව දැඩි නින්දාවකට භාජනයවීමට සිදුවීමය.
 
ජනාධිපති සිරිසේන සතුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පවසමින් එස්.බී. දිසානායක විසින් මහින්ද රාජපක්ෂ වෙත ලණුවක් දුන් බව සඳහන් කරමින්ය. එහිදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදී පරුෂ වචනයෙන්ද ජනාධිපති සිරිසේන සහ එස්.බී දිසානායක හඳුන්වා ඇති බවද දැනගන්නට ඇත.
 
දුරදිග නොබලා ගනුලැබූ තීරණයක් හේතුවෙන් මේ වන විට "හොර අගමැති ලෙස මහින්ද රාජපක්ෂ" නම් ලබා ඇති බවත් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලෙස හංවඩු ගැසෙමින් ඇති බවත් රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ ස්ථාවරය වී තිබේ.
 
එසේම වසර තුනක් පුරා දුෂ්කරතා මධ්‍යයේ ගොඩනැගූ පක්ෂයද "බල තණ්හාවේ කඳවුරක්" බවට සමාජය හමුවේ විවේචනය වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් මෙතෙක් දිනාසිටි ජනතා ආකර්ශනයද දැන් තම පාර්ශවය වෙතින් ගිළිහී ගොස් ඇති බවද ඔවුන් පෙන්වාදී ඇත.
 
තවදුරටත් මේ නින්දා අපහාස විඳිමින් කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධව කඩිනම් තීන්දුවක් ගත යුතු බවත් ලොක්කාගේ පටන් පිස්සන් සිටින ශ්‍රීලනිපය  සමඟ වන මේ දීගය කඩිනමින් අවසන් කල යුතු බවත් ඔවුන් පවසා ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න