ස්වාධීන වෙන්න එපා - මාව විශ්වාස කරන්න : ශ්‍රීලනිප මන්ත්‍රීන් හමුවේ සිරිසේන වැඳ වැටිලා  !

ස්වාධීන වෙන්න එපා - මාව විශ්වාස කරන්න : ශ්‍රීලනිප මන්ත්‍රීන් හමුවේ සිරිසේන වැඳ වැටිලා  !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීමට සහ පාර්ලිමේන්තුව යළි කැඳවා බහුතරය පෙන්වන පාර්ශවයට  සඳහා අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට තමන් සූදානම් නමුත් රාජපක්ෂ පාර්ශවය තවත් දින කිහිපයක් ඉල්ලා ඇති බව ජනාධිපති සිරිසේන පවසා ඇතැයි ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන මේ බව පවසා ඇත්තේ එළඹෙන බදාදා (29) දින  20 කට ආසන්න  ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බවට සිදුකර ඇති දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින්ය.

මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රීලනිප කණ්ඩායමක් ස්වාධීන වුවහොත් එය තමන්ට මෙන්ම පක්ෂයටද අර්බුදයක් ඇති කරන්නක් වන බවත් එබැවින් තමන් සම්බන්ධව විශ්වාසය තබා තමන්ට දින කිහිපයක් ලබාදෙන ලෙසත් බොහෝ දුරට එළඹෙන සතිය තුළ තමන් අර්බුදය විසඳීම වෙනුවෙන් පියවර ගන්නා බවත් සිරිසේන ජනාධිපති දන්වා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නිකුත්කර ඇති ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී බැවින් එය  බලරහිත කරන ලෙස නියෝග කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ආරම්භ කිරීමට නියමිත දෙසැම්බර් 04 වනදාට පෙර ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න